මාතලේ මහ රෝහලට සි ටි ස්කෑන් ඒකකයක්
මාතලේ මහ රෝහලට කලක් තිස්සේ මහත් අඩුපාඩුවක්ව පැවති ස්කැන් යන්ත්‍රයක් රුපියල් ලක්ෂ 700ක වටිනාකමින් යුතුව ස්ථාපනය කර රෝගි සත්කාරක සේවා සදහා විවෘත කිරිම අද ( 23) දා පස්වරුවේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.
මධ්‍යම පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය බන්දුල යාලේගම මහතාගේ විශේෂ ඉල්ලිමකට අනුව චින ආධාර වැටසටහන යටතේ රුපියල් ලක්ෂ 700ක වටිනාකමින් යුතු මෙම ස්කැන් යන්ත්‍රය සහ පළාත් නිශ්චිත ප්‍රධාන සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 90ක වියදමින් ස්ථාපනය කරන ලද මෙම සිටි ස්කැන් ඒකකය මාතලේ මහ රෝහලේ ස්ථාපනය කිරිම තුළින් මාතලේ දිස්ත්‍රික්කය හා අවට ප්‍රදේශවල රෝගින්ට මහත් ප්‍රයෝජනයක් ලැබෙනු ඇත.
මෙම ස්කැන් යන්ත්‍රය සවිකිරිමට අවශ්‍ය කටයුතු සම්පදානය කිරිමේදි අවශ්‍ය වායු සමිකරණ පහසුකම් සැපයිම සදහා මාතලේ දොඹවෙල පදිංචි ප්රවිණ මුර්ති හා කැටයම් ශිල්පියෙකු වන ඩබ්.ඒ ආරියරත්න මහතා විසින් රුපියල් ලක්ෂ හතරකට ආසන්න මුදලක් පරිත්‍යාග කර තිබේ.
විවෘත කිරිමෙන් අනතුරුව රෝහල් පරිශ්‍රයේ නිරික්ෂණ චාරිකාවක ආණ්ඩුකාරවරයා නිරත විය.
මෙම විවෘත කිරිමේ අවස්ථෘවට මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ, මාතලේ ප්‍රාදේශිය සභාවේ සභාපති කපිල බණ්ඩාර හේන්දෙණිය,ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න,මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් බි.ජි ජයවික්‍රම,පළාත් සෞඛ්‍ය අධ්යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න,මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය සේපාලි වික්‍රමතිලක,මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය අසේල දිසානායක,මාතලේ මහ රෝහල් සංවර්ධන කමිටුවේ ලේකම් රෝහණ නවරත්න, යන මහත්ම මහත්මින් ඇතුලු වෛද්‍යවරුන් හෙද නිලධාරින්, ඇතුලු කාර්ය මණ්ඩලය පිරිසක් එක්වි සිටියහ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
