මීළඟ ජනපති ගැන වෙල්ගමගෙන් ඉඟියක්
ලබන වසරේදීත් ජනපතිවරණය ජය ගන්නේ ජාතික ඇඳුම අඳින පුද්ගලයෙක් බව හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පවසයි.
කළුතරදී පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
“මහජනතාව වැඩි ප්‍රමාණයක් ඉන්න පක්ෂය තමයි පොහොට්ටුව. ඒ නිසා පොහොට්ටුවට වැඩි බලයක් හා වැඩි කැමැත්තක් තියෙයි. පොහොට්ටුව තනිවම ඉල්ලුවත් විශාල ඡන්ද ප්‍රමාණයක් ලැබෙනවා. නමුත් අපි ජාතික මැතිවරණයකට යනකොට අපි එකතු වුණොත් වාසිය වැඩියි.
මේ ආණ්ඩුව තියන්නේ නෑ පළාත් සභාව. මම ඒක පැහැදිලිවම කියනවා. මේ ආණ්ඩුව පළාත් සභාව තියන්න බයයි. පළාත් සභාව තිබ්බොත් මේ ආණ්ඩුව අන්ත පරාජයකට ලක්වෙනවා. ඔවුන්ගේ ඉලක්කය ජනාධිපතිවරණ්‍ය. ලබන ගමනත් ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් මගේ නායකයා මහින්ද රාජපක්ෂ මහතා. මට වෙන රාජපක්ෂවරු නෑ. ලියාගන්න ලබන ගමනත් ජාතික ඇඳුම අඳින කෙනෙක් තමයි ජනාධිපති වෙන්නේ කියලා මම ප්රත්යක්ෂව කියනවා. ආවට පස්සේ බලන්න පුළුවන් කෙරුවාව කොහොමද කියලා.”

popular news
-
Champa Monday, 04 March 2019 04:47 PM
ජාතික ඇඳුම අඳින කෙනෙක්? විහිළු කරන්න එපා.
Reply : 0 36
chathuri Monday, 04 March 2019 09:02 PM
ජාතික ඇඳුම. අදින්නේ. නැතිව. අමුඩය. ගහගෙන එන්නේ. නැහැනේ. ,ඔය. සැමගේ. කෙරුවාව කළු අකුරින් ලියවිලා. ඉවරයි. , මහින්ද ඉන්න. ඕන හිර ගෙදර. මිසක් රජ ගෙදර නෙමෙයි, කටින්. රජකම්. කරන්නේ. අපේ රටේ. විතරයි වෙන රටවල. පෙළපතින්. එන්නේ , එක. හොරෙක්ට. එන්න. දෙන්නේ. නැහැ කොන්ද. පන නැති. උන්වත්. එළවලා. බලයට. කෑමට ගිජු. නැති නැති නායකයෙක්. පත්. කර. ගන්න. එක තියෙන්නේ. ජනතාව. අතේ මිසක්. හොරා කාපු උන්ගේ. අතේ නෙමේ
Reply : 0 22
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

