කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත
මහ මැතිවරණය කල් දැමීම නොකළ යුත්තක් බවත් දැන් තියෙන තත්ත්වය අනුව කළ යුත්තේ අගෝස්තු පහට කලින් මැතිවරණය තියන්න පුලුවන් කියලා හොයා බැලීම බවත් ජාතික ප්රජාතන්ත්රවාදි පක්ෂයේ ජාතික සංවිධායක හා එම පක්ෂයෙන් ගාලු දිසාවට මෙවර මහ මැතිවරණයේදි තරග වදින සජින් වාස් අද (15 ) අම්බලන්ගොඩ පැවති මාධ්‍ය හමුවකදී කීවේය .
එහිදි තව දුරටත් කතා කල සජින් වාස්......
මේ ඇතිවෙලා තියෙන්නේ කොරෝනා පළමු රැල්ලද දෙවැනි රැල්ලද කියලා නිවැරදිව කියන්න අමාරුයි. ඒ පිලිබදව හරි දත්ත ජනගතවි නැති නිසා දැන් කොරෝනා තියෙන තත්ත්වය ගැන බාහිරව සිටින අපිට යමක් කියන්න බැහැ.
ඒ කොහෝම නමුත් රටට ප්රජාතන්ත්රවාදි පාර්ලිමේන්තුවක් ස්ථාපිත කිරීම අනිවාර්යයෙන්ම කළයුතු දෙයක්. එය ඉක්මණින්ම සිදු කලයුතු කාර්යයක් ලෙසයි අපේ හැගීම.කොරෝනා වසංගතය කියලා නොබලා ඒ වෙනුවෙන් ඇප කැපවීම අප කාගේත් වගකීමක් මෙන්ම වගවීමක් වෙනවා.
රටේ ප්රජාතන්ත්රවාදි පාර්ලිමේන්තුවක් නැතිව රටට ඉදිරි ගමනක් යන්න බැහැ.මේ තියෙන තත්ත්වය අනුව පොහොට්ටුවට තුනෙන් දකක බලයක් ගැනීම සිහිනයක් පමණයි.මට පේන විදිහට පොහොට්ටුවට පාර්ලිමේන්තුවේ බහුතර බලයක්වත් ගන්න බැහැ. පොහොට්ටුවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි කියන්නේ රැවුලයි කැදයි වගේ.මේ දෙගොල්ලෝත් දැන් එක්සත් ජාතික පක්සයයි සමගි ජන බලවේගයයි වගේ එකිනෙකාට ඇණ කොටා ගන්නවා.පොහොට්ටුව කියන්නේ රාජපක්ෂවරුන්ගේ පවුලේ පක්ෂයක්.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ බොහෝම අතීතයක් තියෙන පක්ෂයක්. පොහෝට්ට්ටුව පක්ෂයේ රාජපක්ෂවරු තිස්දෙකක් ඉන්නවා. ඒ පක්ෂයේ අය බලන්නේ තමන්ගේ පවුලේ බලය ඉදිරියට ගෙනියන්නේ කොහෝමද කියලා. ජනතාව මේපාර චන්දය පාවිච්චි කරන කොට මේ පිලිබදව හොදට සිතා බැලිය යුතු වෙනවා.
වැටී තියෙන රට ගොඩගන්න ශක්තිමත් ප්රජාතන්ත්රවාදි පාර්ලිමේන්තුවක් මේ අවස්ථාවේදී ඉතාමත්ම අවශ්‍ය වෙනවා. අපි හිතන්න ඕන පොහොට්ටුව දිනවලා රාජපක්ෂවරුන්ගේ පවුල දිනවනවද එහෙම නැත්නම් රටට හිතකර අයගෙන් සමන්විතවු පිරිසකගෙන් සමන්විතවූ ශක්තිමත් පාර්ලිමේන්තුවක් ඇති කරනවාද කියන කාරණය අද අපි හමුවේ තියෙන ලොකුම අභියෝගයයි.
