මහා පරාක්‍රමබාහුගෙන් පසු කෘෂිකර්මය නැංවූයේ මමයි
මහා පරාක්‍රමබාහු රජුගෙන් පසු කෘෂිකර්මය නඟා සිටවූයේ තමන් බවත් තමා කළ සෑම අමාත්‍යාංශයකම වාර්තා තබා ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පැවැසීය.
සිය නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. තමන්ට කළකිරීමක් ඇති නමුත් සැලීමක් නොමැති බවත් මන්ත්‍රීවරයා සඳහනා කළේය.
"මට දැන් අමාත්‍යාංශයක් දුන්නත් එකයි නැතත් එකයි. මම දැන් පාර්ලිමේන්තුවේ පිටිපස්සට වෙලා ඉන්නවා. මගේ ජ්‍යෙෂ්ඨත්වය අනුව මම මහින්ද රාජපක්ෂ ළඟට ජ්‍යෙෂ්ඨ කෙනෙක්. ඊළඟට ඉන්නේ මහින්ද සමරසිංහ. කලකිරීමක් නැත්නම් අපේ ඔළුවේ අමාරුවක් තියෙන්න එපැයි.
කලකිරීමක් තියෙනවා ඔළුවේ අමාරුවක් නැති හින්දා. ඒ වුණාට අපි හිනාවෙලා ඉන්නවා. මම කරපු හැම අමාත්‍යාංශයකම මම රෙකෝඩ් තියලා තියෙනවා. අපි ඔලිම්පික් මෙඩ්ල් ගෙනාවේ.අපි වර්ල්ඩ්කප් ගෙනාවේ. මට කරපු වැඩේ වැරදියි. හැබැයි සැලීමක් නෑ.මහා පරාක්‍රමබාහුගෙන් පසු මේ රටේ කෘෂිකර්මය නගා සිටවූයේත් මමයි”
සුජිත් හේවාජුලිගේ

popular news
-
Deepal Nirosh Saturday, 17 July 2021 05:06 PM
එහෙනම් මහත්තයො “පැරකුම් යුගයක් නැවතත් අරඹව්, නිජ භූමි තලේ ලංකා“ කියල කිව්වොත් හරි නේද?
Reply : 0 0
Kumar Saturday, 17 July 2021 07:52 PM
Aththatama mama sithuwe JR kiyalayi. ethumage kaale neda loku wawu kihipayaka saaduwe. Hullo ton pacha kiyanne nathiwa innawa.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

