මොහුව දන්නේ නම් කියන්න
- 4 09 2019
- 12:37
- {{hitsCtrl.values.hits}} views
- ..
පිළියන්දල පොලිස් වසමේ 22වට මාවත, පිළියන්දල ප්රදේශයේ නිවසක රන් භාණ්ඩ සොර ගැනිමක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනිමට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
2019.8.21 වන දින මෙම සැකකරු විසින් රන් භාණ්ඩ සොරා ගැනිමක් සිදු කර පලා ගොස් ඇති බවට ලද පැමිණිල්ලකට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගැනිමට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
මෙම සැකකරු ස්ට්රැනයිස් වත්ත , ඔම්බල් කොටස , අප්කෝට් ලිපිනයේ පදිංචි අයෙකු වන අතර සැකකරු එම සොරකම සිදු වු නිවසේ සේවය කළ සේවකයෙකු බවට පොලීසිය විසින් විමර්ශන වලදි අනාවරණයේදි කර ගෙන තිබේ.
මොහු පිළිබඳව යම් තොරතුරක් දන්නේ නම් පහත අංක වලට දැනුම් දෙන මෙන් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලිමක් කරයි.
ස්ථානාධිපති - 071 – 8591665
ස්ථානාධිපති අපරාධ අංශය - 078 - 4600219

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
