මහනුවරදී හෙට ජනතා අයිතියට පත්කරන ව්‍යාපෘතිවල ඉදිකිරීම් ආරම්භ කළේ පසුගිය යහපාලන ආණ්ඩුව බව බස්නාහිර හා මහා නගර සංවර්ධන හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.
මහනුවර සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් හෙට දිනයේදි ජනතා අයිතියට පත්කිරිමට නියමිත අතර ඒ පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවැසීය.
"මහනුවර සංවර්ධනයට මේ ආණ්ඩුව අලුතින් ගඩොලක් තබා නෑ" යැයි ඔහු පැවැසීය.
අද දිනයේදි ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරික්ෂණයට ලක්වූ ඇහැළේපෙල වලව්ව සංවර්ධනය කිරිමේ ව්‍යාපෘතියද ආරම්භ කළේ පසුගිය ආණ්ඩුව කාලයේදී බව ඔහු තවදුරටත් පැවැසිය.