මහනුවර පොලීසියේ නඩු භාණ්ඩ අතුරුදහන්වීම ගැන පරීක්ෂණයක්
මහනුවර මූලස්ථාන පොලිසියේ නඩු භාණ්ඩ ගබඩාවේ තැන්පත් කොට තිබූ රුපියල් මිලියන ගණනක රත්තරන් මිල මුදල් ඇතුළු වටිනා භාණ්ඩ හා ස්ථානගත වීමක් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ වංචා විමර්ශන අංශය මගින් විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබෙන බව තතුදත් ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබේ .
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පුවත්පත් මගින් සිදුකල අනාවරණ සම්බන්ධයෙන් අවධානය යොමු කළ පොලිස්පතිවරයා ඔහුගේ විශේෂ නියෝග මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු යටතේ දැනට සති දෙකකට ආසන්න කාලයක් එම විමර්ශන කටයුතු සිදු කරන බවයි පැවසෙන්නේ . සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කීප දෙනෙකුගෙන්ම ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවද පැවසේ .
ෂේන් සෙනවිරත්න

popular news
-
Kumar Tuesday, 21 July 2020 09:40 PM
Most likely all the illegal drugs collected by the law enforcement agencies.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
