මහනුවර පස් මහල් ගොඩනැගිල්ලේ හිමිකාර බස්නායක නිලමේවරයා යළි රිමාන්ඩ්
මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පස් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටි කුඩා බිලිඳකු ඇතුළු තරුණඅඹු සැමි යුවලක් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන්සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනඑම පස් මහල් ගොඩනැගිල්ලේ හිමිකරු අද (27) නැවතත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නොවැම්බර් මස 10 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා නියෝග කළේය .
එසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ අනුර ලෙව්කේ නැමති හිටපු බස්නායක නිලමේ වරයෙකි .
ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 298 හා 291 වගන්ති යටතේ නොසැලකිලිමත් ක්‍රියාවක් සිදුකොට මනුෂ්‍ය ඝාතන සිදු කිරීම සහ දේපළවලට අලාභානි සිදු කිරීම යන චෝදනා යටතේ මහනුවර මූලස්ථාන පොලීසියේ අපරාධ අංශය විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කොට තිබුණි .
සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කටයුතු මෙතෙක් අවසන් වී නොමැති බව මහනුවර මූලස්ථාන පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්. ජී. එස්. මහතා අධිකරණයට දැනුම් දුන්නේය .
ෂේන් සෙනෙවිරත්න
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

