මහනුවර දිස්ත්‍රික්කයේ 30ට වැඩි සියලු දෙනාට එන්නත්
මහනුවර දිස්ත්‍රික්කයේ පදිංචි වයස අවුරුදු 30ට වැඩි මෙතෙක් එන්නත් ලබා නොගත් සියලුම ජනතාව වෙත අද (18 ) දා සිට එන්නත්කරණය සිදු කරන බව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා සඳහන් කළේය.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර ශ්‍රවණාගාරයේදී රැස්වූ පළාත් කොවිඩ් පාලනය සඳහා වන පළාත් කමිටු රැස්වීමේ තීරණ දැනුම් දෙමින් පළාත් ආණ්ඩුකාරවරයා මේ බව පැවසීය.
මහනුවර දිස්ත්‍රික්කය මධයස්ථාන 101 කදී සහ ග්‍රාමීය රෝහල් වල අද 18 දා සිට පුරා දින 08 තුළ ඉතා ක්‍රමවත්ව එන්නත්කරන වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරනු ලබන බව ද හෙතෙම පැවසීය.
සෑම ප්‍රාදේශීය සෞඛ්‍ය මධ්‍යස්ථානයකටම එක් ජංගම එන්නත්කරන මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක කිරීමටත්ඒ, හරහා නිවෙස්ගත සියලු ප්‍රජාවට එන්නත ලබා දීමටත් , වයස 30-60 ත් අතර පසුවන සියලුම පිළිකා හා වකුගඩු රෝගියෙක් ම එන්නත්කරණයට ලක් කිරීමටත් මෙහිදී තීරණය කෙරිණි.
මෙවර මහනුවර දිස්ත්‍රික්කය සඳහා ලැබෙන මොඩර්නා එන්නත ඉහළ ප්‍රතිශක්තිකරන ශක්තියකින් යුතු බැවින් බොහෝ දෙනෙක් පිට පළාත් වලින් පැමිණ එන්නත ලබාගැනීමට උත්සහ කළ හැකි බැවින් එවන් තත්වයන් උදා නොවීමට ශ්‍රී ලංකා යුද හමුදාව හා එක්ව ශ්‍රී ලංකා පොලිසිය විශේෂ වැඩපිළිවෙලක් දියත් කිරීමට අවශ්‍ය බවත් මෙම කමිටුවේදී යෝජනා වූහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

