මහනුවර ආරක්ෂිත ස්ථාන වීඩියෝ කළ විදේශකයෙක් අත්අඩංගුවට
බහිරවන්ද පෞද්ගලික තානායමක රැදී සිටිමින් මහනුවර නගරයේ ශ්‍රී දළදා මාළිගාව,ජනාධිපති මන්දිරය ඇතුලු ආරක්ෂිත ප්‍රදේශ ඩ්‍රෝන කැමරාවක් මගින් වීඩියෝ ගත කල යුක්රේන ජාතිකයෙක් මහනුවර පොලීසියේ සංචාරක ඒකකය මගින් අද (21දා) අත්අඩංගුවට ගෙන තිබේ.
මහනුවර නගරයේ රාත්‍රි දර්ශන ඩ්‍රෝන කැමරාවක් මගින් වීඩියෝ කරමින් සිටියදී එම කැමරාව ජනාධිපති මැදුර සහ මාළිගා පරිශ්‍රයට වැටී ඇති බවත් ඉන් පසු මෙම යුක්රේන ජාතිකයා මෙම ඩ්‍රෝන කැමරාව සොයමින් දළදා මාළිගා පරිශ්‍රය තුල යමින් සිටියදි පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහනුවර සංචාරක පොලීසිය මගින් පරිගනකයේ ඇති එම ඩ්‍රෝන කැමරාව මගින් ගත් දර්ශන නිරික්ෂනය කිරිමේදි මහනුවර නගරයේ විශේෂිත ස්ථාන මෙහි අඩංගු බවද සනාත කරගෙන තිබේ.
සැකකරු 2019 වසරේ නොවැම්බර් මස 18 වැනි දින සංචාරක වීසා බලපත්‍ර ඔස්සේ ශ්‍රි ලංකාවට පැමිණි අයෙක් බව පොලිස් විමර්ශන වලදි තහවුරු වි ඇත.
මොහු මෙතෙක් මාතර වැලිගම නවාතැන් ගෙන ඇති අතර පසුව යතුරු පැදියකින් මහනුවරට පැමිණ ඇත්තේ 2020 ජූලි මස 18 වැනිදායි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
