මහනුවර ඓතිහාසික ශ්රී විෂ්ණු දේවාලයේ ආශිර්වාද පූජාවට ජනපති එක්වෙයි
- 4 08 2020
- 10:45
- {{hitsCtrl.values.hits}} views
- ..
මහනුවර ඓතිහාසික ශ්රී විෂ්ණු දේවාලයේ විශේෂ ආශිර්වාද පුජාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ (03) පස්වරුවේ එක් විය.
ශ්රී විෂ්ණු දේවාලයට පැමිණි ජනාධිපතිතුමා දේවාලය භාර නිලමේවරු විසින් පිළිගනු ලැබිණ.
දේවාභරණ වැඩමවීමේ අවස්ථාවට සහභාගි වූ රාජපක්ෂ මැතිතුමා දියවඩන නිලමේවරයා හස්තිරාජයා මත කරඬුව තැන්පත් කිරීමෙන් පසු පුෂ්පෝපහාර දැක්වීය.
ජනාධිපතිතුමා සහ අයෝමා රාජපක්ෂ මැතිණිය ඊයේ රාත්රීයේ ඇසළ පෙරහර නැරඹීමට ද එක් වූහ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
