මහින්දානන්දට එරෙහි නඩුවක සාක්ෂි විභාගය ඇරඹේ
ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය නමැති වෘත්තීය සමිතියට අයත් මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ කර තිබේ.
මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා හමුවේ, සාක්ෂි විභාගය සිදුකෙරුණු අතර එහිදී අදාළ වෘත්තීය සමිතියේ ලේකම් මාරිමුත්තු ක්‍රිෂ්ණමූර්ති මහතා සාක්ෂි ලබා දි තිබේ.
එහිදී සාක්ෂිකරු කියා සිටියේ, තම වෘත්තිය සමිතියේ සභාපතිවරයා ලෙස මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා කටයුතු කළ අතර ඔහු විසින් සමිතියෙන් රුපියල් ලක්ෂ 39 ක මුදලක් ණය වශයෙන් ලබාගත් බවය.
එම ණය මුදල අමාත්‍යවරයා විසින් සිය වෘත්තිය සමිතියට ආපසු ගෙවූ බව සාක්ෂිකරු සඳහන් කර තිබේ.
නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් මස 14 වනදා දක්වා කල්තැබුණි.

popular news
- 
                            
rocky Friday, 11 September 2020 05:49 PM
.mewaa okkoma deshapaalana pali ganeem hatiyata pawarapu nadu wageyi penenne. me wage janathaa sewayata kapa wechcha uththamayek thamba salliyak wath pilli gahayi kiyalaa hithanda puluwanda?methumaa idiri kaalayedi thawath pilli gaseemata ida salasena paridi deyiyange pihiten naduwen nidahas viya yuthuya.
Reply : 0 0
Demuni Uduwara Saturday, 12 September 2020 01:02 AM
This type of evidences will be imminent in future cases against govt political too.
Reply : 0 0
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                