මහින්දානන්දගේ කරුණු සනාථ කරන්න බෑ - ලෝක කුසලානය පාවාදීම ගැන පරීක්ෂණ අවසන්
2011 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය මුදලට පවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකය ක්‍රියාත්මක කළ පරීක්ෂණය අවසන් කළ බව එම ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් ආධිකාරී ජගත් ෆොන්සේකා මහතා පැවසීය.
“මෙම සිද්ධිය පිළිබඳව තව දුරටත් විමර්ශනය නොකර මේ පැමිණිල්ල අපිට යොමු කළ ක්‍රීඩා ආමාත්‍යංශයේ ලෙක්ම්තුමාට වාර්තාවක් යවනවා” යැයි ෆොන්සේකා මහතා පැවසීය.
සිය තීරණය පිළිබඳව ජ්‍යෙෂ්ඨ පොලිස් ආධිකාරී ජගත් ෆොන්සේකා මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.
“අපේ ඒකකයේ නිලධාරීන්ගේ සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වුණා. එයට අපේ ස්ථානාධිපතිවරයා, නියෝජ්‍ය අධ්යක්ෂවරයා ඇතුළු සියලු දෙනාම සහභාගි වුණා. එහිදී අපි තීරණය කළා විමර්ශනය අවසන් කරන්න”
“සියලුම ක්‍රීඩකයන් ගෙන්වලා කටඋත්තර ගැනීම ආදෝලනාත්මක තත්ත්වයක් නිර්මාණය කිරීමක් බවට මේ වන විට පත්වෙලා තියෙනවා. ඒ නිසා මේක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්”
“අපේ ඒකකය මේ දක්වා ලබාගත් කටඋත්තර තුනෙන් අපිට තේරුම් ගියා මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉදිරිපත් කළ කරුණු 14 සනාථ කරන්න හැකියාවක් නෑ කියලා. ඒ වගේම අයි.සී.සී. එකට ලිපියොමු කළා කිව්වත් අයි.සී.සී. ප්‍රතිචාර දක්වලත් නෑ. අයි.සී.සී. පරීක්ෂණයක් කරලත් නෑ”
“අපි කටඋත්තර ගත්ත තිදෙනාම සාධාරණ හේතු කියලා තියෙනවා. විශේෂයෙන්ම කණ්ඩායම් මාරු කළේ ඇයි කියලා. අනික මේක 2011 වසරේ සිද්ධියක්” යැයි ඒ මහතා වැඩි දුරටත් පැවසීය.
යොහාන් භාසුර

popular news
-
Don Friday, 03 July 2020 04:57 PM
Mahindananda is a naked hero.
Reply : 0 0
bandula Saturday, 04 July 2020 06:01 AM
Aththatama gota awankanam Mahindananda kiyana patta horawa sampurna pareekshanyakata lakkalayuthuyi. motor bayisikal katuwakin giya salesrep engalanthe gewal ganne kohomada. Eka wenne naha. mig hora anith horun gana hoyayida? Banku horu, mig horu, okkoma ekata eka suport. 69lakshe 52 lakshe moda wahallu. 52lakshe --> 69lakshe -- > sanid bayiyo --->
Reply : 0 0
K. Ranaweera Saturday, 04 July 2020 09:46 AM
mahindananda illagena kewa.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
