මුහුදු වෙරළට ගොඩ ගැසු ද්‍රව්‍ය රැස් කළ 8ක් අත්අඩංගුවට
- 27 05 2021
- 07:35
- {{hitsCtrl.values.hits}} views
- ..
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබී වෙරළට ගොඩ ගසා තිබූ භාණ්ඩ එකතු කළ පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවය.
පමුණුගමුව, දුන්ගල්පිටිය, මීගමුව සහ කොච්චිකඩේ යන වෙරළ ආශ්රිත ප්රදේශන්වලදී එම මෙහෙයුම් සිදුකර තිබේ.
එලෙස එකතු කරන ලද භාණ්ඩ ප්‍රවාහනය කරමින් සිටියදී ලොරි රථයක් ද එහිදී පොලිස් භාරයට ගෙන ඇත.
මෙම සිද්ධිය සම්බන්ධ ලැබී ඇති වීඩියෝ දර්ශන අධ්‍යයනය කරමින් අත්අඩංගුවට ගැනීම් සිදුකරන බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
