මහජන දිනය සඳුදාට ගෙන ඒමට විරෝධයක්
බදාදා දිනය පාර්ලිමේන්තු දිනයක් වීම හේතුවෙන් ලබන සඳුදා (14දා) දිනයේ සිට මහජන දිනය සඳුදා ලෙස වෙනස් කිරීමට රජය ගෙන ඇති තීරණය මගීන් අපහසුතාවට පත්කරන තීරණයක් බව සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය පවසයි.
මේ වන විට සාමාන්‍ය වැඩ කරන දිනයක ද කොළඹ නගරයේ පවතින අධික මාර්ග තදබදය නගරයට දරා ගත හැක්කක් නොවන බව සඳහන් එම සංගමය කොළඹ නගරයේ නාගරික සංචලතාවය පැයට කිලෝමීටර් 12ක් දක්වා අඩුවී ඇති අතර මේ හේතුවෙන් බස්නාහිර පළාතට එහි දළ දේශීය නිෂ්පාදිතයෙන් 12%ක් අහිමි වී ඇති බවද පවසයි.
මෙවන් තත්ත්වයක් තුළ සඳුදා දිනය යනු කොළඹ නගරයේ සහ කොළඹ නගරයට පිවිසෙන මාර්ග තුළ අධිකව රථවාහන තදබදයක් පවතින දිනය බවත් එවන් පසුබිමක මහජන දිනය සඳුදා ලෙස වෙනස් කිරීමට රජය ගෙන ඇති තීරණය හේතුවෙන් කොළඹ නගරයේ සඳුදා දිනයේ පවතින තදබදය දෙගුණ තෙගුණ වීම අනිවාර්ය කරුණක් බව ඔවුන් පෙන්වා දෙයි.
මේ හේතුවෙන් මගී ජනතාවට සිදුවීමට නියමිත හිරිහැරය සළකා මහජන දිනය සඳුදා ලෙස වෙනස් කිරීමට රජය ගෙන ඇති තීරණය වෙනස් කිරීමට කටයුතු කරන ලෙස සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය ඉල්ලා සිටියි.
popular news
-
dhamneth Friday, 11 September 2020 08:15 AM
sandudata kolaba pamanak noweyi anikuth nagarawalath thadabadaya thibenawa wenadata wada. badadaa thamayi sudusu dawasa.
Reply : 0 0
Deepal Nirosh Friday, 11 September 2020 03:45 PM
මේ විරෝධය සාධාරණයි, සියළු අමාත්‍යංශ කාර්යාල තිබෙන්නේ කොළඹ. සඳුදා දිනය සති අන්තයේ ගම් බිම් බලා ගිය රාජ්‍ය හා පෞද්ගලික සේවකයින් නැවත රාජකාරියට වාර්තා කරන මගී හා වාහන තදබද දිනයක්. ඉතින් ඒ අතරට තම සේවා ලබා ගැනීමට පාරිභෝගික ජනතාවත් එන්න සූදානම් වුණොත් මේ තදබදය දෙගුණ තෙගුණ වේවි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

