මාස 08ට හක්ක පටස් නිසා අලි 28ක් මිය ගිහින්
මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට ඊයේ (13දා) දිනය දක්වා කාලය තුළ හක්කපටස් පිපිරීයෑමෙන් වනඅලි 28 දෙනෙකු මියගොස් තිබේ.
පසුගිය වසර තුළදී හක්කපටස් පිපිරීයෑමෙන් වනඅලි 54 දෙනෙකු මියගොස් තිබෙන අතර, එම වසර තුළදී පොදුවේ වනඅලි 254ක් මියගොස් ඇත.
හක්කපටස් පිපිරීයෑම හේතුවෙන් පසුගිය වසරේ හා මේ වසරේ මියගිය වනඅලින්ගෙන් බහුතරයක් කිරි උරාබොන වයසේ පසුවන සතුන් බවද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
හක්කපටස් යම් ආහාර ද්‍රව්‍යයක් සමග තබා තිබීම හේතුවෙන් අදාළ ආහාර ද්‍රව්‍යය අනුභව කිරීමට යෑමේදී හක්කපටස් පුපුරා යන අතර, මේ හේතුවෙන් මියගිය සතුන්ගෙන් අතිබහුතරයකගේ මුඛයට හානි සිදු ව තිබේ.

popular news
-
dhamneth Wednesday, 15 August 2018 08:25 AM
හොඳම විසදුම තමයි ගම් වදින අලින් අල්ලා වෙන්දේසි කිරීම .මෙයින් රජයට අදායමක් ලැබෙන අතර අලි ඇතුන් ආරක්ෂා වෙනවා.එහෙම නැත්නම් කණ්ඩායම් වසයෙන් එක්වී ගම් වදින අලින් අල්ලා රජයට බාරදෙන අයට දිරි දීමනාවක් දෙන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

