දිවයින පුරා ක්‍රියාත්මක වූ නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කර තිබේ.
දින 41ක කාලයක් පැවති නිරෝධායන ඇඳිනීතිය අද (01) අලුයම 04.00 සිට ඉවත් කෙරුණි.
රට තුළ පැවැති කොවිඩ් -19 වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අගෝස්තු මස 20 වනදා රාත්‍රි 10.00 සිට දිවයිනම ආවරණය වන පරිදි නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළේය.
ආසාදිතයින් සහ මරණ වාර්තාවීම සැලකිය යුතු මට්ටමකින් අඩුවීම හේතුවෙන් යළි අද සිට රට විවෘත කිරීමට තීරණය කර ඇති බව සඳහන්ය.
මේ අතර නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරිමෙන් පසු අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඊයේ (30) නිකුත් කර තිබුණි.
නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් වුවද පළාත් අතර සංචරණ සීමා තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.
ඒ අනුව අත්‍යවශ්‍ය නොවන සියලුම ගමන් සඳහා දිනපතා රාත්‍රී 10.00 සිට අලුයම 04.00 දක්වා අවසර හිමි නොවන අතර මහජන රැස්වීම් පැවැත්වීම තවදුරටත් තහනම් කර තිබේ.
පොදු ප්‍රවාහනයේ දී ආසන ධාරිතාවට පමණක් මගීන් රැගෙන යා යුතු අතර පොදු ප්‍රවාහන කටයුතු සඳහා වායු සමනය කළ රථ වාහන භාවිත නොකළ යුතු බව අදාළ මාර්ගෝපදේශ මාලාවේ සඳහන් වේ.