මිල සූත්‍ර හොඳ නමුත් පසුගිය ආණ්ඩුව එය සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම පිළිබඳව ගැටලුවක් පවතින බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.අද පෙරවරුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේත්තුවේ පැවැති මාධ්‍ය හමුකදී ඔහු සඳහන් කළේ පසුගිය රජයේ ඉන්ධන මිල සූත්‍රය පිළිබඳව ජනතාවට විවේචනයක් පැවැති බවයි.
ඒ අනුව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මිල සූත්‍රය අහෝසි කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ වන විට පෙට්‍රල් ලීටරයකින් රුපියල් 9ක්, ඩීසල් ලීටරයිකින් රුපියල් 12ක් හා සුපිරි ඩීසල් ලීටරයකින් රුපියල් 5ක් ලංකා ඛණිජ තෙල් සංස්ථාව අලාභ ලබන බවත් ඔහු පැවැසීය.
ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක නොකිරිම හේතුවෙන් රජය මේ දක්වා රුපියල් බිලියන 12ක අලාභලයක් ලබා ඇති බවත් එම අලාභය ආවරණය කිරීමෙන් අනතුරුව ඉන්ධන මිල අඩුකිරීමක් සිදුකරන බවත් ඔහු පැවැසීය.