මුල්ලිවයික්කාල් ස්මාරක භූමියේ සැමරුමක් නැහැ
යුද්ධය හේතුවෙන් මිය ගිය වැසියන් සමරා මුලතිව් මුල්ලිවයික්කාල් සැමරුම් භූමියේදී හෙට (18දා) කිසිඳු සැමරුම් උත්සවයක් සිදු නොකෙරෙන අතර කොරෝනා අවදානම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති හෙයින් නිවසේ සිට මිය ගිය වැසියන් සමරන ලෙසට මුල්ලිවයික්කාල් මිය ගිය අයගේ ඥාති සංගමය ජනතාවගේ ඉල්ලීමක් කොට ඇත.
මුල්ලි වයික්කාල් මුහුදු තීරයේ ඉදිකොට ඇති සැමරුම් ස්මාරකයන් හා භූමියද මේ දින වල පාලු ස්වරූපයක් ගත්තද යුද්දෙන් පසුව සෑම වර්ෂයකම උත්සවාකාරයෙන් මුල්ලිවයික්කාල්හි අවසන් යුද්දයෙන් මිය ගිය මහවිරුවන් ඇතුලු සාමාන්‍ය ජනතාව සැමරීම සිදු කරන ලදි.
පවතින අවදානම හේතුවෙන් මුලතිව්හි පැවත්වීමට නියමිතව තිබූ සියලුම යුද සැමරුම් උත්සවයන් නොපවත්වන ලෙසට පොලීසිය හා ආරක්ෂක අංශ විසින් දැනුම් දීමටද පියවර ගෙන ඇත.
කණ්ඩායම් වශයෙන් රැස්ව යුද සැමරුම් සිදු කරන්නේද යන්න පිළිබඳව සෙවීම සඳහාද ආරක්ෂක අංශ විසින් පියවර ගෙන ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

