මරණ දඬුවම නියමව දස වසරක් තිස්සේ සැඟව සිටි පුද්ගලයෙක් බණ්ඩාරගම කිදෙල්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්මිල්ල කිඳෙල්පිටිය කිතුලමුල්ල ගමගේ සමන් කුමාර නමැත්තෙකි
අත්අඩංගුවට ගත් මෙම සැකකරු ඝාතනයට ලක්වූ දකුණු පළාතේ සංවිධානාත්මක අපරාධ කරුවෙකු ඌ වම්බොට්ටාට නැමැත්තා ගේ සහෝදරයා බව පොලිසිය කියයි.
පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් සැකකරු නොමැතිව ඇඹිලිපිටිය අධිකරණය මගින් විභාග කළ නඩුවකින් අනතුරුව 2010 පෙබරවාරි මාසේ ලබා දුන් තීන්දුවක් අනුව සැකකරුට මරණීය දණ්ඩනය නියම වි තිබු බව පොලිසිය කියයි
පස් ව්‍යාපාරය සිදුකර තිබූ සැකකරුට ටිපර් රථ කීපයක් තිබෙන බව පොලිසිය කියයි
බණ්ඩාරගම පොලිසියේ බුද්ධි අංශයේ නිලධාරින් ලද තොරතුරක් අනුව අත් අඩංගුවට පත් සැකකරු පානදුර අධිකරණට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි
