රත්නපුර දිස්ති‍්‍රක්කයෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරීපත් වූ මරණ දඬුවම නියම වී සිටින පේ‍්‍රමලාල් ජයසේකර බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ ලබන 20 වනදා පැවැත්වෙන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය සඳහා තමන්ට එක්වීමට අවසර ලබාදෙන ලෙසයි.
පේ‍්‍රමලාල් ජයසේකර මේවනවිට රඳවා සිටින්නේ වැලිකඩ බන්ධනාගාරයේයි. ඔහු කළ ඉල්ලීම සම්බන්ධයෙන් උපදෙස් පැතීම සඳහා එය අධිකරණ අමාත්‍යංශය වෙත යොමුකළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
2015 ජනාධිපතිවරණ සමයේදී සිදුවූ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරු වූ පේ‍්‍රමලාල් ජයසේකරට ඉකුත් දා අධිකරණය මගින් මරණ දඬුවම නියම කෙරුණා.
