මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අවාසනාවක් - සෝරෝස්
ශ්‍රී ලංකාව විසින මරණ දඬුවම නැවත ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීරණය අවාසනවාක බවත ලෝකයේ ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙක් වන ඇමෙරිකානු හා හංගේරියානු ජාතික ජොර්ජ් සෝරෝස් පවසයි.
ඔහු පවසන්නේ පිලිපීන ජනපති ඩුටාර්තේ විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව කටයුතු කරන ආකාරය තවත් කෙනෙකු විසින් අනුගමනය නොකළ යුතු බවයි.
ශ්‍රී ලංකාවද මරණ දඬුවම නැවත ක්‍රියාත්මක කිරීම හරහා ඩුටාර්තේ විසින් කරන දේ කිරීමට සූදානම් වීම අවාසනාවක් බවත් ඔහු පවසයි.
පරාර්ථකාමියෙක්, ආයෝජකයෙක්, දේශපාලක ක්‍රියාකාරිකයෙක් මෙන්ම ලේඛකයෙක් ලෙස ප්‍රසිද්ධ ජෝර්ජෝ සෝරොස් ලෝක බිලියනපතියන් අතර 190 වැනි ස්ථානයේ පසුවෙයි.
ඩුටාර්තේගේ ශුද්ධ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 8ක් වන අතර ඔහු ඇමෙරිකානු ඩොලර් බිලියන 18ක් තමන් විසින් පාලනය කරන ලාභ නොලබන සංවිධානයක් වන Open Society Foundations පදනමට පරිත්‍යාග කර තිබේ.


popular news
- 
                            Champa Friday, 24 August 2018 09:05 PM I feel sad too, Soros. But there is a light at the end of the tunnel. This government's days are numbered. Reply : 0 0 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                