සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වන මන්ත්රීවරු පිළිබඳව එම පක්ෂය තුළ මේ වන විට මතභේදාත්මක තත්ත්වයක් ඇතිව තිබේ.
ඒ සම්බන්ධයෙන් පෙරේදා පැවැති සාකච්ඡා අසාර්ථක වූ අතර මනෝ ගනේෂන් මහතා ඊයේ ප්රකාශ කළේ පොරොන්දු වූ පරිදි ජාතික ලැයිස්තු මන්ත්රීධුර හිමි නොවන්නේ නම් සමගි ජන බලවේගයේ හවුල්කාර පක්ෂ තුනකින් පත්වූ මන්ත්රීවරු 15 දෙනා පාර්ලිමේන්තුවේ ස්වාධීන වන බවයි.
එසේම ගැටලුව විසඳා ගැනීම වෙනුවෙන් අද දිනය දක්වා කල් දෙන බවද ඔහු පැවැසීය.
මේ අතර අද දිනයේදී ට්විටර් ප්රකාශයක් කරමින් මනෝ ගනේෂන් මහතා පවසන්නේ සමගි ජන බලවේගයේ නායකයන් හා එහි හවුල්කාර පක්ෂ අතර පැවැත්වීමට නියමිත සාකච්ඡා වලදී කිසිඳු බෙදීමක් ඇති නොවෙනු ඇතැයි විශ්වාස කරන බවයි.