මන්දට හසුවු කදුකර දිවියා මුදා ගැනේ
වනසතුන් දඩයම් කිරිම සදහා අටවා තිබු මන්දකට හසුවි සිටි පැන්තරා පාදුස් වර්ගයේ කදුකර දිවියා අද (12) දින මුදාගත් බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ වනසත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.
ගිනිගත්හේන පොලිස් වසමට අයත් ගිනිගත්හේන කෙනිල් වත්තේ පළමු කොටසේ වතු නිවාස පේළියකට ඉහළින් වු ලදු කැලැවක අටවා තිබු මන්දකට දිවියා අද දින අලුයම හසු වි ඇත.
රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ පශු වෛද්‍ය අකලංක පිණිදෙණිය මහතා එම වතු යායට පැමිණ මන්දට හසුවි සිටි කොටියා නිර්වින්දනය කර මන්දෙන් ගලවා එම ස්ථානයේදි ප්‍රතිකාර ලබාදි තුවාල සහිතව සිටි දිවියා වැඩිදුර ප්‍රතිකාර සදහා නල්ලතන්නිය වනජිවි කාර්යාලය වෙත රැගෙන ගොස් ඇත.
අවුරුදු 6ක් පමණ වයසැති හොදින් වැඩුණු ගැහැණු සතෙකු වනදිවියා උස අඩි දෙකක් සහ දිග අඩි 5කින් පමණ යුක්ත බවයි වනජිවි නිලධාරින් කියා සිටියේ.
ගොදුරු පසුපස රාත්‍රි කාලයේ සැරිසැරු දිවියාගේ උදරය මන්දට හසුවි තිබු බවත් , මන්ද ඇටවු එම වතුයායේම පදිංචි වතු කම්කරුවෙකු සැකපිට අත්අඩංගුවට ගත් බවත් , සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කරන බව ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.

popular news
-
Rudra Ranjith Monday, 13 July 2020 05:13 AM
This Minister Chandrasena should NOT be given any portfolio. He is a disaster for the wild life. No action nor any statement has been given till date regard to the killing of Leopards in recent times. It is a disgrace to the Govt because this man come from Anuradhapura. Not a word or action regard to Elephant / human conflicts when there are solution in present day.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
