යාපනය පේදුරුතුඩුව මනල්කාඩු මුහුදු තීරයේදී රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් කේරල ගංජා කිලෝ 133 ග්‍රෑම් 57 ක ප්‍රමාණයක් සමග සැකකරුවන් තිදෙනෙකු ඊයේ (13) දින අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.
ඇඳිරිනීතිය පනවා තිබියදී අදාල සැකකරුවන් විසින් ඩිංගි යාත්‍රාවක් යොදාගෙන කේරල ගංජා තොගය මුහුදුමාර්ගයෙන් රැගෙන යද්දි උතුරු නාවික විධානයට අයත් භට පිරිසකගේ සෝදිසි මුර සංචාරයකට අදාල ඩිංගි යාත්‍රාව නිරීක්ෂණය වීමෙන් පසුව යාත්‍රාව පරික්ෂා කිරීමේදී මෙම කේරල ගංජා තොගය හමු වී ඇත.
අදාල කේරල ගංජා තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් යාපනයට රැගෙන එන්නට ඇති බවට නාවික හමුදාව සැක පළ කර සිටි අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22, 26 හා 37 වියෙහි පසුවන්නන් වෙති.
අත්අඩංගුවට ගත් කේරල ගංජා තොගය සැකකරුවන් නාවික හමුදා නිලධාරීන් විසින් දැඩි සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් ගොඩබිමට රැගෙන එමෙන් පසුව වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා පේදුරුතුඩුව පොලීසිය වෙතට භාර දීමට පියවර ගනු ලැබීය.
