මොනරාගල බන්ධනාගාරය තුළදී ගෙල වැළලාගෙන මියගිය රැඳවියාගේ මරණය පිළිබඳ විවෘත තීන්දුවක්
මොනරාගල බන්ධනාගාරයේ වැසිකිලියක් තුළදී ඊයේ (23) ගෙල වැළලාගෙන මියගිය රැඳවියාගේ මරණය පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය අද (24) මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේදී පැවැත්විණි.
මොනරාගල වැඩ බලන මහේස්ත්‍රාත් ආර්.එම් ඥානතිලක මහතාගේ නියෝගය මත පශ්චාත් මරණ පරීක්ෂණය මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී රුවන් නානායක්කාර මහතා විසින් පවත්වන ලදි.
මෘත ශරීරයේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා යොමුකැර ඇති අදාල වාර්තා ලැබෙන තෙක් මෙම මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදෙන ලදි.
මැදගම කීනගොඩ උස්ගමුයාය පදිංචි ආර්.එම් ගාමිණී රත්නායක (39) නැමති දෙදරු පියෙකු මොනරාගල බන්ධනාගාරයේ රිමාන්ඩ් සිරකරුවෙකු වශයෙන් සිටියදී බන්ධනාගාරයේ වැසිකිලියක් තුළ ගෙල වැළලාගෙන සිටිනු දැක බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහුව මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කැර ඇතත් ඒවන විටත් ඔහු මියගොස් සිටි බව මූලික පරීක්ෂණවලදී අනාවරණයවී තිබේ.
මොනරාගල මූලස්ථාන පොලිස් පරීක්ෂක ඉන්දික ගමගේ මහතා විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

