මධ්‍යම පළාතෙන් මෙතෙක් වාර්තා වී ඇති කොරෝනා රෝගීන් සංඛ්‍යාව 168ක්
මධ්‍යම පළාතෙන් මේ වන විට කොවිඩ් 19 ආසාදිතයන් 168 දෙනෙකු වාර්තා වී තිබෙන බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කියයි .
එම ආසාදිතයින් පිරිසෙන් වැඩිම ප්‍රමාණයක් වූ 69 දෙනෙකු නුවරඑළිය දිස්ත්‍රික්කයෙන්ද ආසාදිතයන් 64 දෙනෙකු මහනුවර දිස්ත්‍රික්කයෙන්ද මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 35 දෙනෙකුද වාර්තා වී තිබෙන බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා පැවසීය.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත දීපවාලී උත්සව සමයේදී එම උත්සවය සැමරීමේදී පිළිපැදිය යුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද සම්බන්ධයෙන් හින්දු ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් පළාත තුළ නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද පිලිනොපදින පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි .
මේ අතර පසුගිය දින කීපය තුළ නුවරඑළිය හා මහනුවර ප්‍රදේශවලින් කොවිඩ් රෝගීන් වාර්තා වුවත් මාතලේ ප්‍රදේශයෙන් රෝගීන් වාර්තා නොවූ බව ද සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කියයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

