මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් කොවිඩ් 19 වෛරසය ආසාදිත මරණ 529 ක් අද මේ දක්වා වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කියයි.
මෙම මරණ 529 අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් මරණ 343ක් මාතලේ දිස්ත්‍රික්කයෙන් මරණ 89 ක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මරණ 87ක් වශයෙන් මෙම මරණ 529 වාර්තා වී ඇති බවද මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.