මධ්‍යම පළාත තුලින් කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් 183 දෙනෙකු අද 15 දක්වා වාර්තා වි ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 86 ක් මාතලේ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 37 ක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් රෝගීන් 60 වශයෙන් එම රෝගීන් 183 දෙනා වාර්තා වී ඇති බවද පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තම්න්තුව පවසයි.
පසුගිය පැය 24 ක කාලය තුල මධ්‍යම පළාතෙන් රෝගීන් හතර දෙනෙකු වාර්තා වී ඇති අතර එම රෝගින් හතර දෙනාම මහනුවර දිස්ත්රක්කයෙන් වාර්තා වී ඇති බවද පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තාම්න්තුව පවසයි.
මහනුවර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාස මට්ටමින් ගත් විට කොවිඩ් 19 වෛරසය ආසාදිතයින් අකුරණින් දහ තුන් දෙනෙකු දෙනෙකු, දොළුවෙන් හත් දෙනෙකු, , ගලගෙදරින් හත දෙනෙකු, , ගලහින් හය දෙනෙකු, ගම්පොළින් අට දෙනෙකු, ගඟ ඉහළ කෝරළයෙන් පස් දෙනෙතු , ගඟවට කෝරළයෙන් තුන් දෙනෙකු ,හාරිස්පත්තුවෙන් දෙදෙනෙකු , කුණ්ඩසාලෙන් හය දෙනෙකු , මහනුවර මහ නගර සභා බල ප්‍රදේශයෙන් දෙදෙනෙකු මිනිපෙන් එක් අයෙකු මැදදුම්බරෙන් එකොළොස් දෙනෙකු, පාතදුම්බරින් දෙදෙනෙකු, පාතහේවාහැටින් හත් දෙනෙකු, පූජාපිටියෙන් දෙදෙනෙකු, උඩුනුවරින් එක් අයෙකු සහ යටිනුවරින් තිදෙනෙකු වශයෙන් වාර්තා වී ඇති බවද සෞඛ්‍ය අංශ කියයි.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුවෙන් දහහත් දෙනෙකු බගවන්තලාවෙන් හය දෙනෙකු, හඟුරන්කෙතින් එක් අයෙකු, කොටගලින් අට දෙනෙකු, කොත්මලෙන් දෙදෙනෙකු, ලිඳුලෙන් එක් අයෙකු, මතුරටින් දෙදෙනෙකු, මස්කෙළියෙන් දහසය දෙනෙකුත්, නවතිස්පනෙන් හතර දෙනෙකුත්, නුවරඑළියෙන් එක් අයෙකුත්, වලපනෙන් දෙදෙනෙකුත් වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය අංශ කියයි.
මෙයට අමතරව මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 37 දෙනෙකුද වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.