මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය අද (24දා) දහවල් සිට තාවකාලිකව වසා දමා ඇත.
වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළෙකු හා කාර්යාලයේ සේවකයෙකු සම්බන්ධතා පවත්වා ඇති බවට අනාවරණය වීමෙන් පසු ආණ්ඩුකාරවරයා මෙම තීරණය ගෙන ඇත.
මේ සම්බන්ධව කළ වීමසීමකදී ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා පැවසුවේ ආණ්ඩුකාර කාර්යාලයේ සේවකයා නාවික හමුදා සෙබළාගේ මෝටර් රථය කාර්මික දෝෂයකට ලක්වූ අවස්ථාවක එය නිවරදි කිරීමට සහාය වී තිබෙන බවත් ඔහුට කොවිඩ් -19 ආසාධනය වී ඇති බව තහවුරු වී නොමැති වුවත් ආරක්ෂිත පියවරක් ලෙස තාවකාලිකව කාර්යාලය වසා දැමීමට පියවර ගත් බවත්ය.
චමිල් රූපසිංහ