මධූෂ් අත්අඩංගුවට ගන්න රජය 1 වරක්වත් ඩුබායි ගියේ නෑ
රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය අවස්ථා හතකදී ඩුබායි බලා පිටත්වුවත් මාකඳුරේ මධූෂ්ව අත්අඩංගුවට ගැනීම සඳහා ඒක් අවස්ථාවකදීවත් එවැන්නක් නොකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ඔහු සිය ට්විටර් ගිණුමට කළ ප්‍රකාශයක දැක්වෙන්නේ බන්ධනාගාර බස් රථයට ඒල්ල වූ ප්‍රහාරය (සමයං ඝාතනය) හා පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතාට එල්ල වූ ප්‍රහාරයෙන් පසුව මධූෂ්ව අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් රතු නිවේදනයක් ලබා ගැනීමට අවස්ථාව තිබූ බවයි.
කෙසේ වෙතත් බැඳුම්කර ගනුදෙනුවෙන් පසුව රජය කටයුතු කළ ආකාරයටම ඉහත සිද්ධීන් ඇතිවීමෙන් පසුව රජය කටයුතු කළ බවත් ඔහු සඳහන් කරයි.
ඒසේම මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගැනීම පිළිබඳව සත්‍ය තොරතුරු වසන් කිරීමට රජය කටයුතු කරන්නේ මන්දැයි ඔහු ප්‍රශ්ණ කරයි. ඔවුන් සමග අත්අඩංගුවට පත්වූ රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත් හිමියා කවුරුන්ද යන්න පිළිබඳව තොරතුරු ලබා ගැනීම වෙනුවෙන් කිසිවක් කර නොමැති බවත් ඔහු සඳහන් සඳහන් කරයි.

popular news
-
Dayan Thursday, 14 February 2019 11:04 AM
ඇත්ත මහත්තයෝ. ඔයාලගේ කාලෙත් උනේ එහෙමම තමඊ. අපේ රටේ දෙසපලකයින් කාටද විස්වාස කරන්න පුළුවන්.
Reply : 0 30
Priyantha Thursday, 14 February 2019 11:28 AM
කොහොමත් ගොඩක් වේදනා ඇති මනි ලොන්ඩරි බාප්පා අල්ලන්න ඩුබායි ගිය එක ගැන.
Reply : 0 62
Lal Thursday, 14 February 2019 12:19 PM
විදුරු ගෙවල්වල හිදගෙන ගල් ගහාන්න එපා..
Reply : 0 19
prabath Thursday, 14 February 2019 01:37 PM
රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත් හිමියා pasada yapa abeywardena
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

