මැදපෙරදිග සිට ලාංකිකයන් පිරිසක් දිවයිනට
මැදපෙරදිග එක්සත් අරාබි එමීර් කටාර් සහ සෞදි අරාබියේ සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 231 දෙනෙකු අද (28දා) අලුයම කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත ගුවන් යානා 03 කින් පැමිණ තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට අලුයම 1.26 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් එරට සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 42 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
කටාර් රාජ්‍යයේ දෝහා සිට එරට සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 22 දෙනෙකු රැගෙන කටාර් ගුවන් සේවයේ ගුවන් යානය අලුයම 1.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
එසේම සෞදි අරාබියේ දමාම් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය එරට සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 165 දෙනෙකු සහ තවත් කුඩා දරුවන් දෙදෙනෙකු ද අලුයම 5.40 ට මත්තල ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබේ.
මෙම ගුවන් මගීන් සියලු දෙනාම මෙම ගුවන් තොටුපළ වලදී පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

