පාසල් සිසුන් හා අමතර පන්ති සිසුන් ඉලක්ක කරගෙන මාවා නැමැති මත් ද්‍රව්‍ය බෙදා හැරීමේ නිරත සංවිධානාත්මක කල්ලියකට අයත් තිදෙනෙක් කළුතර ප්‍රදේශ දෙකකදී මාවා කිලෝ අටක් සමග අත්අඩංගුවට ගත් බව ,කළුතර දකුණ පොලිසිය කියයි .
අත්අඩංගුවට පත් වූවන් අතර කාන්තාවක් වන බව පොලිසිය කියයි.
කළුතර දකුණ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනෙත් ශාන්ත මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ,කළුතර දකුණ පොලිස් වසමේ සිදුකළ ක්ෂණික මෙහෙයුමකදී මරික්කාර් වීදිය සහ වෙට්ටුව කඩේ ප්‍රදේශවල අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එම මාවා තොගය අතර පැකට් කරන ලද ඒවා ද තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ සැකකාරිය කළුතර දකුණ පොලිසිය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
කළුතර දකුණ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනෙත් ශාන්ත මහතා පරීක්ෂණ පවත්වයි.
