මෛත්‍රීට අපේක්ෂකත්වය දෙනවට වෙල්ගමගේ විරෝධය
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනපති අපේක්ෂකත්වය දීමට තමන් විරුද්ධ ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක, හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පැවසීය. හෙතෙම මේ බව පවසා සිටියේ, බදුල්ල ප්‍ර‘දේශයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.
“විපක්ෂයේ සිටීම අපට ගැටලුවක් නොවෙයි. විපක්ෂයේ සිටිමින් ආණ්ඩුවේ සියලු වැරදිවලට විරුද්ධ වෙමින් අපි ඉදිරියට යනවා. ඒත් අද රට විනාශයට යමින් තිබෙනවා. මේ විනාශය සිදුවී තිබෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා එක්ව හැදූ ආණ්ඩුව නිසා.
එපමණක් නොවෙයි, මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් වැරැදි ලෙස පාවිච්චි කරලා සුප්‍රිම්කෝට් නඩුකාරයන් හත්දෙනෙකු දුන් තීන්දුවත් නොසලකා කටයුතු කළා. මේ වගේ තීන්දු ගන්නා අයෙකුට ජනාධිපති අපේක්ෂකත්වය දෙනවාටත් අපි විරුද්ධයි. බදුල්ලේ ඉන්න මේ මෛත්‍රීපාල සිරිසේන - රනිල් වික්‍රමසිංහ දීගයට කපුකම් කරපු මහත්තයා, එහෙම තමයි මහින්ද මහත්තයා නැති කළේ. ඒ අය තමයි එක එක දේ කියලා, ලණු දීලා මහින්ද මහත්තයාට මේ අපරාධය කළේ. මම ඒ අයගේ නම් කියන්නේ නෑ. රටේ ජනතාව ඒ අයගේ නම් දන්නවා."
හාලිඇල - විජේරත්න රත්නායක
popular news
-
sg Monday, 14 January 2019 11:29 PM
මෙයාගේ කට පාලනය කලොත් හොදා
Reply : 0 0
Champa Tuesday, 15 January 2019 01:11 PM
නියම කොන්ද කෙලින් කතාව. Keep it up ! අන්තිමේ මහින්දලා සිරිසේනගේ වහල්ලු වුනා.
Reply : 0 0
rocky Tuesday, 15 January 2019 01:29 PM
esjee . මෙයාගේ කට පරිස්සම් කරගන්න? ගෝටාට කීවොත් හරි යාවි කියල හිතනවද? මෙතුමාගේ කතාව හරි. ව්‍යවස්ථාව කඩ කරපු ද්‍රෝහියෙකුට අයෙමත් නාම යෝජනා දෙනවා නම් පොහොට්ටුවේ ඉන්නේ පොන්නයෝ රැලක් වෙන්න පුළුවනි. අපිනම් ඔය මැන්ට ජීවිතේට චන්දයක් දෙන්න නැහැ!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

