යාපනයේ සිට අක්කරෙයිපත්තු දක්වා ධාවනය වූ ලංගම බස් රථයක රියදුරෙකු අත්අඩංගුවට ගෙන බස් රථයේ සිටි මගීන් වෙනත් බස් රථයකට නංවා යැවීමට පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුදහමුදා නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (29) දින ක්රියාකොට ඇත.
ඒ 9 මාර්ගයේ ධාවනය කෙරෙන බස් රථ ඇතුලු වාහන එකවරම මේ දිනවල ආරක්ෂක අංශ විසින් ඒකාබද්ධව සෝදිසි කිරීම් සිදුකරනු ලබන අතර එහිදි යාපනය නාවට්කුලි ප්රදේශයේදී අදාළ බස් රථය සෝදිසි කිරීමේදී එහි රියදුරු මත්පැන් පානය කොට බස් රථය ධාවනය කරන බවට අනාවරණ වී ඇත.
පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුද හමුදා නිලධාරීන් නාවට්කුලි ප්රදේශයේදී නවතා සෝදිසි කිරීමේදී බස් රථයේ රියදුරු ආසනය සමීපයේ මත්පැන් බෝතලයක් තිබී ඇති අතර වැඩිදුර පරික්ෂා කිරීමේදී එය රියදුරු විසින් ධාවනය කරන අතරතුර පානය කරන බවට අනාවරණය වි ඇත.
මගී ජීවිත රැසකගේ ජීවිත අවදානමේ දමමින් බස් රථය බීමතින් ධාවනය කිරීම හේතුවෙන් රියදුරු අත්අඩංගුවට ගෙන බස් රථයේ මගීන් වෙනත් බස් රථයක් ගෙන්වා එමඟින් ප්රවාහන පහසුකම් සැපයීමට ආරක්ෂක අංශ විසින් පියවර ගනු ලැබීය.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_446c0d936e.jpg)