මඩකලපුව දිස්ත්‍රික්කයේ නිවාස නොමැති දිළිදු පිරිස්ට නිවාස ආධාර චෙක්පත්
- 8 08 2021
- 16:20
- {{hitsCtrl.values.hits}} views
- ..
මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක නිවාස සංවර්ධන ව්‍යාපෘති සාර්ථක ලෙසින් ක්‍රියාත්මක බව රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා පවසනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාගයේ දැක්ම වැඩසටහනට අනුව ඔබට ගෙයක් රටට හෙටක් වැඩසටහන යටතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ නිවාස 231 ක් ඉදි කිරීම සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.
ඒ සදහා රජය රුපියල් කෝටි දහසයකට අධික මුදලක් වෙන් කර ඇති බවයි ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සදහන් කළේ.
ත්රින්කල්ලඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස නොමැති දිළිදු පවුල් සදහා නිවාස ආධාර චෙක්පත් ලබා දීමේ වැඩසටහනක් ද රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියාලේන්ද්‍රන් මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වුණා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
