මට වැඩ කරන්න එක් ධුර කාලයක් ඇති - ජනපති
රට සංවර්ධනය කිරීමේදී සිදුකළ යුතු වැඩ කිරීමට තමන්ට එක් ධුර කාලයක් වුවද ප්‍රමාණවත් බවත්, වත්මන් ව්‍යවස්ථාවෙන් වැඩ කිරීමට බාධා ඇතිව තිබෙන බවත් ජනාධිපති ගෝඨාභය රාජක්ෂ මහතා පැවැසීය.
අද (05දා) පස්වරුවේ විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් හා පුවත්පත් කතුවරුන් හා පැවැති සාකච්ඡාවේදී ඔහු මේ බව පැවසීය.
“අපට විතරක් නෙවෙයි බාධා තිබෙන්නේ. සාමාන්‍ය ජනතාව දැක තිබෙනවා යම් යම් දේ ඉෂ්ඨ කිරීමට ඇති බාධා. කිසිම සැලැස්මක් නැතිව කළ දේ (ව්‍යවස්ථා සංශෝධනය) නිසා ඇතිව තිබෙන බාධා අපි දැක තිබෙනවා. රට පාලනය කිරීමේදී අපහසුතාවට පත්වෙනවා. මේ දේවල් ඉවත් කර ගැනීම වැදගත්.
එහෙම කළේ ඇයි කියලා මම දන්නේ නෑ. විධායකයට කරන්න අවශ්‍ය දේ කරන්න බැරි නම් ඒ ව්‍යවස්ථාව එක්ක වැඩ කිරීම අපහසුයි. රාජ්‍ය පාලනය අපහසුයි. ”
මෙහිදී පුවත්පත් කතුවරයෙකු ව්‍යවස්ථා සංශෝධනයේදී ජනාධිපතිවරයාගේ ධුර කාලය වැනි කරුණු ගැනත් අවධානය යොමු කරනවාදැයි විමසා සිටියේය.
“බාධා නැත්නම් අවශ්‍ය දේවල් කරන්න මට නම් එක් ධුර කාලයක් ඇති” යැයි ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
popular news
-
Kumar Thursday, 05 March 2020 10:22 PM
ජන්ධිපතිතුමට හැකිනම් දැන් ඉන්න හොරුටික එලවල දමන්නකො. එකෙන් ලංකාවට ලොකු සෙතක් වෙනවා. අලුතෙන් පත් වෙන සියලු ඇමතිවරුන්ට අලුත් වාහන ආනයන නොකර පරණ වහනම පාවිචි කරන්න කියන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

