මුඛ ආවරණ නොමිලයේ ලබාදිය යුතුයි - සජිත්
කොරෝනා වෛරස් අවදානම හේතු කොටගෙන සෞඛ්යාරක්ෂිත මුව ආවරණ නොමිලේ ලබාදීම සඳහා රජයේ මැදිහත් වීම අත්‍යවශ්‍ය බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
මෙම වෛරසය පැතිර යෑම පිළිබඳ මතුව ඇති බිය හේතුවෙන් මුව ආවරණවලට අධික ඉල්ලුමක් මතුව ඇති බවත්, ඒ ඉල්ලුම හේතු කොටගෙන ඇතැම් වෙළෙඳුන් ඒවායේ මිල ගණන් අධික ලෙස ඉහළ දැමීමට කටයුතු කර ඇති බවත් නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරයි.
ඒ අනුව කලකට පෙර ක්‍රියාත්මක වූ ඖෂධ මාෆියාව මෙන් මුව ආවරණ මාෆියාවක්ද ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට ඇති අතර, මෙවැනි ජාතික ව්‍යසන මොහොතක එලෙස ජාවාරම් කරන වෙළෙඳුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද විපක්ෂනායකවරයා සිය නිවේදනයෙන් අවධාරණය කරයි.
රාජ්‍ය යාන්ත්‍රණය ගම දක්වාම ක්‍රියාත්මක කළ යුතු බවත්, එමගින් සියලු පවුල් ඒකක සහ පුද්ගලයන් දැනුවත් කිරීමේ කඩිනම් වැඩපිළිවෙළකට යෑමට රජය වහාම පියවර ගතයුතු බවත් ඔහු එම නිවේදනයේ සඳහන් කර ඇත.
ඒ අනුව කෙටි පණිවුඩ යැවීම්, අත්පත්‍රිකා බෙදාහැරීම්, දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම ආදිය රජය මැදිහත්ව කඩිනමින් සිදුකළ යුතු බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
popular news
-
සෙනෙවි Wednesday, 29 January 2020 10:24 PM
සජිත් දින්නොත් දෙන්න හිටපු පෑඩ් ට්ක වත් ලබා දුන්න නං ඒවා මේ වැඩේට යොදා ගන්න තිබ්බ
Reply : 0 0
Kumar Wednesday, 29 January 2020 10:29 PM
සජිත් බොර දියේ මලු බානවද? ඇත්තටම සෑම කෙනාටම මුක ආවරණ දෙන්න අධික වියදමක් යනවනේද. සේවකයින්ට වැටුප් ගෙවාගන්න බැරිව ඉන්න රජයට තව අමතර වියදමක් වෙනවනෙ. සුනාමි ආධාරවලට සිදුවුනදේ තමා මේකටත් වෙන්නෙ. සැමදෙනාම අත් පිරිසින්දුවේ තබාගන්න වැයම් කරන්න. මුහුණට වැඩිපුර අත නොතබා ඉන්න. මෙරටේ මෙම ප්‍රාන්තයේ රෝගීන් කිහිප දෙනෙක් සිටියත් සැමදෙනාම මුක ආවරණ පලදින්නේ නැහැ. වැඩිපුරම කරන්නේ අත් පිරිසිදුව තබාගන්න එකයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

