භාණ්ඩාගාර බිල්පත් සියයට 97ක් අලෙවි කර ගැනිමට නොහැකි වෙයි
මූඩි‘ස් ආයතනය ලංකාව ණය ශ්‍රේණිගත කිරීම් දර්ශකයේ ස්ථාන දෙකක් පහතට දැමීමෙන් පසුව පැවති පළමු භාණ්ඩාගාර බිල්පත් 97% ක් අලෙවි කර ගැනීමට මහ බැංකුවට හැකි නොවූ බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.
2020 සැප්තෑම්බර් 29 වන දා, රු. බිලියන 40 ක භාණ්ඩාගාර බිල්පත් අලෙවිය සඳහා ඉදිරිපත් කර තිබූ නමුත් ගැණුම්කරුවන් විසින් මිලදී ගෙන ඇත්තේ රු. මිලියන 895 ක් භාණ්ඩාගාර බිල්පත් පමණක් යැයි ද කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.
මූඩි‘ස් ආයතනය සහ ෆිච් රේටින්ග්ස් ආයතන ලංකාව ණය අවදානම වැඩිම රාජ්‍යයන් අතරට ස්ථාන දෙකකින් පහත දැමීම වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා ඇති වූ තත්වයක් බව තෙන්නකෝන් මහතා පවසයි.
‘‘අධික වශයෙන් ණය ලබා ගෙන එලදායී නොවන ආයෝජන සිදු කිරීම තුලින් රට දැවැන්ත ණය අර්බුදයක් කරා ගමන් කරමින් සිටී‘‘
බදු ආදායම් එක් රැස් කර ගත නොහැකිවීම, බීටීටී සහන ලබාදීම, සුරාබදු ආදායම් පහත වැටීම, උපයන විට ගෙවීමේ සීමා වෙනස් කිරීම මගින් රටේ බදු ආදායම් අහිමිවූ අතර, දේශීය හා විදේශීය ආයතනවලින් ණය ලබා ගැනීමට රජය පෙළෙඹී සිටී.
පසුගිය සතිය පුරා, මාස 3, 6 සහ 12 බැගින් වූ භාණ්ඩාගාර බිල්පත් මගින් දේශීය ණය ලබා ගැනීමේ උත්සාහය 97% කින් අසාර්ථක වී ඇත.
මාස තුනක් සඳහා වන භාණ්ඩාගාර බිල්පත් රු. බිලියන තුනක් වෙළඳපොලට නිකුත් කර තිබූ අතර ඒ සඳහා කිසිදු ගැණුම්කරුවෙකු ඉදිරිපත් වී නැත. මාස 6 කින් කල් පිරෙන රු. බිලියන 16 ක් භාණ්ඩාගාර බිල්පත් වලින් අලෙවි වී ඇත්තේ රු. මිලියන 407 ක් පමණී. වසරකින් කල් පිරීම සඳහා තවත් රු. බිලියන 16 ක භාණ්ඩාගාර බිල්පත් අලෙවියට ඉදිරිපත් කොට තිබූ නමුත්, එයින අලෙවි වී ඇත්තේ රු. මිලියන 488 ක් පමණී.
popular news
-
Kumar Friday, 02 October 2020 09:30 PM
If the government can't sell treasury notes it can't pay it's internal obligations like salaries or pensions. These notes are based on estimated revenues of the government and I suppose nobody is willing to risk their money with no government revenues. How about printing more money. This is the real world.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

