බෞද්ධාගම ගැන හැඟීමක් කැක්කුමක් මට තියෙනවා
විසි එක් වෙනි සියවසට ගැළපෙන එකම දර්ශනය වන බෞද්ධ දර්ශනය වර්තමානය වන විට මිත්‍යාද්‍රෘෂ්ටිකයන්ගේ අතට පත්ව ඇති බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ මේ අවස්ථාවේදී සෑම දෙනෙක්ම එක්ව බෞද්ධ දර්ශනය ආරක්ෂා කර ගත යුතු බවයි.
ඔහු නිකුත් කළ නිවේදනය.
පසුගිය දා සීඅයිඩී (CID) පරීක්ෂණයෙන් පසුව මම මාධ්‍යයට කරපු ප්‍රකාශය "සංඝ කල්ලිය" කියන වචනය අද යම් යම් මාධ්‍යවල විශාල කතාබහකට ලක්වෙලා තියෙනවා. ඇත්ත වශයෙන්ම වරින්වර බෞද්ධ දර්ශනයට අභියෝග කරන සංඝ කල්ලි බුදුරජානන් වහන්සේගේ කාලයේ ඉඳලාම තිබුණා. අපේ බුදුහාමුදුරුවන්ගේ කාලයේ දේවදත්ත එවකට හිටපු භික්ෂුන් වහන්සේලා එක්දාස් දෙසිය පණහෙන් හත්සිය පණහක්ම මේ කල්ලියට එකතුකරගෙන එවකට හිටිය අජාසත්තගේ න්යායපත්රයට අනුව බුදුහාමුදුරුවන්ට එරෙහිව කුමන්ත්‍රණය ක්‍රියාත්මක කරා.
ඒ වගේම අපි අහල තියෙනවා පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගේ කාලයෙත් වෙමැනි සංඝ කල්ලි ඇති වෙලා බෞද්ධ දර්ශනයට විශාල අභියෝගයක් ඇති වුණ නිසා භික්ෂුන් වහන්සේලා හැටදාහකට වඩා ප්‍රමාණයක් හනගහලා පරාක්‍රමබාහු රජ්ජුරුවෝ සසුනෙන් නෙරපුවා. ඒ තුළින් යළි වතාවක් බෞද්ධ දර්ශනය බුද්ධාගම බේරගන්නට හැකියාවක් ලැබුණා.
මේ සම්බන්ධයෙන් ඕනෑම කෙනෙකුට පොළොන්නරුවේ ගල්පොතේහි සඳහන්වෙන පොළොන්නරු කථිකාවෙන් මෙහි සත්‍ය අසත්‍ය සොයාගන්නට පුළුවන්. ඒ වගේම අදත් නූතන අජාසත්තලාගේ උවමනාව වෙනුවෙන්, නූතන කුඩු මුදලාලිලාගේ උවමනාව වෙනුවෙන් , නූතන ගංජා මුදලාලිලාගේ උවමනාව වෙනුවෙන් තවත් සංඝ කල්ලියක් මේ රට තුළ ඇතිවෙලා වොයිස් කට් එකටත් මුදල් ලබාගන්න, ප්‍රෙස් කොන්ෆරන්ස් එකකටත් මුදල් ලබාගන්න.
ඒ වගේම සුඛෝපභෝගී වාහන ලබාගන්න මේ සංඝ කල්ලිය යළිවතාවක් අපගේ ශ්‍රේෂ්ඨ වූ බුද්ධ ධර්මයට මහා අභියෝගයක් වෙලා තියෙනවා. බෞද්ධ දර්ශනය 21 වෙනි සියවසට ගැළපෙන එකම දර්ශනය හැටියටයි මම දකින්නේ. අවාසනාවකට අද වෙනකොට එය මිත්‍යාද්‍රෘෂ්ටිකයන්ගේ අතට පත්වෙලා තියෙනවා.
එය ජනතාව රවට්ටන්නට දේශපාලන වශයෙන් නොමග යවන්නට පවා ආයුධයක් බවට පත්කරගෙන තියෙන මොහොතක මේ සංඝ කල්ලිය පරාජය කිරීම සඳහා මේ රටේ සිටින බහුතරයක් වූ බෞද්ධ ජනතාව පමණක් නෙවෙයි, ඇත්තවශයෙන්ම බෞද්ධ දර්ශනය වෙනුවෙන් පෙනී සිටින සැබෑ ස්වාමීන් වහන්සේලාගෙත් වගකීමක්. මමත් පරම්පරාගත බෞද්ධයෙක් ඒ නිසාම බෞද්ධාගම ගැන හැඟීමක් කැක්කුමක් මට තියෙනවා.
ඒ නිසා තමයි බෞද්ධාගම ගැන බෞද්ධ දර්ශනය ගැන යම් යම් චීවරධාරී ගැන මා කරන විවේචන පවා සැබෑ බෞද්ධයෙකුගේ විලාපයක් හැටියටයි මම දකින්නේ. අන්න ඒ නිසා අපි සියලු දෙනා එක්ව මේ වෙලාවේ මේ තියෙන භයානක අභියෝගයෙන් බුදුදහම බේරගන්නට ඕනේ කියලා මම විශ්වාස කරනවා."
popular news
-
Demuni Uduwara Tuesday, 19 May 2020 05:20 PM
You are exactly right; we're with you.
Reply : 0 0
rocky Tuesday, 19 May 2020 06:28 PM
ඔබ තුමාට `කැක්කුමක්` තියනබව අපටත් තේරෙනවා. එකනේ `නිර්වස්ත්රන් පරමන් සුඛං `, `නිහොන් සැප ලැබේවා` වගේ අමුතු ධර්මයක් ප්‍රචාරය කරන්න පටන් ගත්තේ! එක සැරයක් බුද්ධ පිළිමයක් බෙල්ලෙන් එල්ලගන හිටපු හැටිත් අපි දැක්ක නේ. මහත්තයෝ, බල්ලන් එක්ක ලගපුවාම මලු මැක්කෝ, කිනිතුල්ලෝ එහෙම බෝ වෙනවා. ඔය කැක්කුමට ඉක්මනට බෙහෙතක් ගන්න!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

