බුර්කාව තහනම් කිරිමට යෝජනාවක්
මුස්ලිම් කාන්තාවන් මුහුණ වැසීමට භාවිතා කරන බුර්කාව ඉවත් කර ගන්නා ලෙස මුස්ලිම් ආගමික සංවිධාන ඉදිරියේදී දැනුම්දෙනු ඇතැයි එජාපෙ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා පැවසීය.
මුස්ලිම් මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශයේ ඊයේ පැවති සාකච්ඡාවකදී මේ සම්බන්ධව සාකච්ඡා කළ බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ අද(23) පැවති මාධ්‍ය හමුවකදි හෙතෙම මේ බව කීය.
බුර්කාව යොදාගෙන සම්පූර්ණයෙන් මුහුණ වැසීම ඉස්ලාම් ආගමින් අනුමත කර නොමැති බවත්,මුස්ලිම් සමාජයේ බහුතරයක් කාන්තාවන් එය නොපලඳින බවත් පැවසු රහුමාන් මහතා බුර්කාව ඉවත් කර ගැනීමට අවශ්‍ය සහය ලබා දෙන බව කියා සිටියේය.
මෙහිදි අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රි ආශු මාරසිංහ මහතා සඳහන් කළේ අද(23) පැවැත්වෙන ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී බුර්කාව තහනම් කිරීමේ යෝජනාවක් සම්මත කරගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

popular news
-
Janaka from Matara Tuesday, 23 April 2019 01:01 PM
..ඔය බුර්කාව නිසාද දැන් මේ කෙල උනේ! තහනම් කරනවා නම් ඉස්සෙල්ලම රටින් තහනම් කරන්න ඕන my3 .
Reply : 0 1
Champa Tuesday, 23 April 2019 04:11 PM
ලංකාවේ මානව හිමිකම් කොමිසම මුස්ලිම් කාන්තාවන්ට අබාය අඳින්න "පුළුවන්" කියල මේ මාසේ මුල නියෝගයක් දීල තිබ්බ එකට මමත් ලිව්වා ඕක තහනම් කරන්න ඕනේ කියල. අප්‍රේල් 3 Colombo Telegraph එකේ ඔය අබායා නියෝගය ගිහාම මම ලිව්වා "Abaya, Burqa, Niqab, Jilbab, Khimar, Chador and Hijab should be BANNED in Sri Lanka given the prevalent Muslim extremism" කියල. මිනීමරු ආණ්ඩුව දැන් යනවා ඉස්තාලේ වහන්න අස්සයාට යන්න ඇරලා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

