බුදු දහමේ ප්‍රමුඛත්වය ව්‍යවස්ථාවට පමණක් සීමා කරන්නේ නෑ
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පරිච්ඡේදයක සඳහන් වන බුදුදහමට මුල් තැන ලබා දෙන බවට සඳහන්ව ඇති වචනයට පමණක් සීමා වී ඇති ව්‍යවස්ථානුකූල ප්රතිපාදනය ක්‍රියාවට නැංවීම තම අරමුණ බව නිවාස හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඒ මහතා මේ බව පවසා සිටියේ, අද (30දා) උදෑසන සියම් මහා නිකායේ රංගිරි දඹුලු විහාර පාර්ශ්වයේ අනුනායක, කුඹුක් කඳන්වල නන්දවිමල නාහිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණ අනතුරුව රංගිරි දඹුලු රජමහා විහාර භාරකාර අඹගස්වැවේ ශ්‍රී රාහුල නාහිමියන් බැහැදැකීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
පළමුවත් දෙවනුවත් තෙවනුවත් සංස්කෘතිය හා ආගම දහම සුරකින ආකාරයට බුදු දහමේ උන්නතිය සඳහා කැපකිරීම් කරන බවත්, ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන සංස්කෘතික ත්‍රිකෝණයෙන් සංරක්ෂණ වැඩ කටයුතු මෙන්ම සංවර්ධන වැඩ කටයුතු ඉදිරියේදී පූජනීය මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා පරිදි නිවැරදිව විධිමත්ව ක්රමාණුකූලව සිදු කිරීම සඳහා තමන් බලාපොරොත්තු වන බවත් හෙතෙම සඳහන් කළේය.
විශේෂයෙන්ම පුරාවිද්‍යා බලප්‍රදේශ හා සංස්කෘතික ත්‍රිකෝණයට අදාළ පූජනීය ස්ථාන ශක්තිමත් විධිමත් සංරක්ෂනය සහ සංවර්ධනය කිරීම සඳහාත් විදේශිකයන්ගෙන් ලැබෙන ආදායම මුල්කර ගෙන මධ්‍යම සංස්කෘතික අරමුදල වාර්ෂිකව අතිවිශාල මුදල් ප්‍රමාණයක් ලබා ගන්නා බවත්, එම ලැබෙන්නා වූ මුදල් සියල්ලක්ම දේශීය සංස්කෘතික ප්‍රවර්ධනය, පුනර්ජීවනය හා ඉපැරණි සාහිත්‍ය කලාව උදෙසා ඉතාමත් ක්‍රමානුකූලව විධිමත් ආකාරයෙන් වංචා දූෂණයෙන් තොරව අරමුදල් යෙදවීමට ඉදිරියේදී තමන් බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා පැවසීය.
සීගිරිය පෙන්වීමෙන් ලැබෙන ආදායමෙන් ප්‍රදේශයේ වෙහෙර විහාරස්ථාන සංවර්ධනය කිරීමෙන් පසුව වෙනත් දේ සඳහා මුදල් යොමු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද ඒ මහතා පවසා සිටියේය.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය රංජිත් අළුවිහාරයේ, දඹුල්ල එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක ප්‍රියාන් විජේරත්න, දඹුල්ල මහ නගර සභාවේ විපක්ෂ නායක අනුර ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
එස්. කරුණාරත්න

popular news
-
lion Monday, 31 December 2018 06:29 AM
මේ ඉන්නේ නොම්මර එකේ deal කාරයෙක්.meyata කියවන්න කියන්න enews වල ඇති චම්පික කීව්ව සත්‍ය කතාව. මේ ගොල්ලෝ හිතන්නේ තාත්ත රටේ ලොක්ක උනාම මටත් එම උරුමය තියෙනවා කියල.දේශපාලනේ ඉන්න ගොබ්බ හැත්තෑ විතරයි ඔය ගොන් විදියට හිතන්නේ.අර්ජුන cricket ක්‍රීඩාවේ නායකයා උනා කියල cricket ගහපු එයාගේ පුතාට එතනට යන්න බැරිඋන.victor රත්නායක දසක ගණනක් මෙරට බැබලුන ගායකයෙක් එත් ගීත ගයපු ඔහුගේ පුතුනට එතනට යන්න බැරිඋන. හෙථුව මොකක්ද ඔඋං දක්ෂයන් විය උතු හින්ද.ගොබ්බ දේශ පාලකයෝ හිතන්නේ අප්පා හිටියනම් මටත් එතන oney කියල.
Reply : 0 0
මුනසිංහ Monday, 31 December 2018 06:55 AM
කරුනාකරලා උතුර-නැගෙනහිර විහාරස්ථාන රැක ගන්න කටයුතු කරන්න. පොතුවිල් මුහුදු මහ විහාරය අනතුරේ. නාගදීපයත් එහෙමයි. එහේ බුදු පිළිම එහෙම පිටින්ම අයින් කරනවා. කයිවාරුව නවත්වලා ඉක්මනට වැඩට බහින්න. ඔයාව අපි පිළිගන්නෙ වැඩ කළ හැකි කෙනෙක් කියල අන්න එතකොට.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
