අවුරුදු දහසයක් වයසැති දැරියකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් සැඟවී සිටි වැඩ තහනමකට ලක්වී සිටි පොලිස් කොස්තාපල්වරයෙකු වසර හතරකට පසු මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (11) අත්අඩංගුවට ගෙන ඇත.
නීතිඥවරියක සමඟ විවාහවී දික්කසාදවී සිටින පොලිස් කොස්තාපල්වරයා නීතිඥවරියගේ වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි සහෝදරියකගේ බාලවයස්කාර දියණියට 2016 වර්ෂයේ සිට ලිංගික අතවර කැර තිබෙන අතර වැල්ලවාය පොලීසිය මඟින් සැකකරු අත්අඩංගුවට ගෙන නොතිබිණි.
මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සාමන්ත විජේසේකර මහතා මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප ප්‍රියන්ත ප්‍රේමතිලක මහතාට දුන් නියෝගයක් මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු ඊයේ (12) වැල්ලවාය මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.
