අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය ශ්‍රී ලංකාව තුළ සක්‍රීය වී තිබෙන නිසා ලංකාවේ බොහෝ ප්‍ර‘දේශවලට ඔක්තෝබර් මාසය පුරා සවස් කාලයේදී වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
උතුරු මැද, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (03දා) දිනයේදී මිලිමීටර් 150ක් වූ තද වැසි ඇති විය හැකි බවද කාර්යයේ නියුක්ත කාලගුණ විද්‍යාඥ ශානිකා දිසානායක මහත්මිය සඳහන් කළාය.
මීට අමතරව දිවයිනේ සෙසු ප්‍රදේශවලට මිලිමීටර් 100ක වූ තද වැසි ඇති විය හැකි බවත්, ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල සුළඟේ වේගය තාවකාලිකව ඉහළ යා හැකි බවත් ඇය පවසා සිටියාය.
වෙරළබඩ ප්‍ර‘දේශවලට උදෑසන කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් වැසි ඇති විය හැකි බවද ඒ මහත්මිය සඳහන් කළාය.
අකුණු ඇති විය හැකි නිසා අකුණ අනතුරු අවම කරගැනීමට කටයුතු කරන ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටින බවද කාර්යයේ නියුක්ත කාලගුණ විද්‍යාඥවරිය පවසා සිටියාය.
මීට අමතරව මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත්, පුත්තලම සිට මීගමුව දක්වාත් වූ මුහුදු ප්‍ර‘දේශවලට තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.