බොහෝ කණ්ඩායම් වරප්‍රසාද තනතුරු දෙමින් තමන්ව නැවැත්වීමට උත්සාහ කළ බව ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක හිටපු හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතා පැවැසීය.
බත්තරමුල්ලේ පැවැති ජන හමුවකදී ඔහු මේ බව පැවැසීය.
“බොහෝ කණ්ඩායම් බොහෝ දෙනෙක් මාව නවත්වන්න උත්සාහ කළා. මාව වළක්වන්න උත්සාහ කළා. මට මුදල් දෙන්න කථා කළා. වරප්‍රසාද දෙන්න උත්සාහ කළා. මට තනතුරු දෙන්න උත්සාහ කළා නමුත් මම ඒවා ප්‍රතික්ෂේප කළා. අවුරුදු 38න් අවුරුදු 30ක් මම යුද බිමේ සටන් කළා.
අපි ළඟ හොරකම් කරපු සල්ලි නෑ. අපිට ගහයි බනියි. දැන් වෙනනොකට ෆේස්බුක් බලන කොට මම දේශද්‍රෝහියෙක්, මම සී.අයි.ඒ. කාරයෙක්. බලල් අතක්. මම කිසිම අතක් නෙමෙයි.
අපිට තිබෙන හොඳම තමයි පණිවිඩය කටින් කටට යන එක. මම ස්වාධීන නිර්පාක්ෂික ජනපති අපේක්ෂකයෙක්. මේ රටේ හැම කොනෙකුටම යටි හිතේ යමක් තිබෙනවා.
මේක වෙනස් කළ යුතුයි කියන එක. යටි හිත උඩට ගේන්නයි අවශ්‍ය. නොවැම්බර් 16 දා කතිරයෙන් යටහිතේ තියෙන දේ කියන්න.
අපි මහ මැතිවරණය දක්වා මේ ගමන ගෙනියන්න ඕන. අපේ අය ගොඩක් පාර්ලිමේන්තුවේ ඉදගත්ත දවසට මේක වෙනස් වේවි.”
