බහුතර බලයට කිංඩියක් දැම්මා - හරීන්
රාජ්‍ය අමාත්‍යවරුවන් හා කැබිනට් අමාත්‍යවරුන් පත්කිරීමේදි රටේ බහුතර ජනතාව ලබාදුන් බහුතර බලය ආණ්ඩුව නොසළකා හැර ඇති බව සමගි ජන බලවේගයේ හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
"තේ, බුරුත නැඳුන්, කොස් වලින් හදන්න හදපු අමාත්‍ය මණ්ඩලයට පිත්තල, මිරිස්, හාලි තල් පොල් ඇමතිලා පත්වුණා. මෙහිදී ආණ්ඩුවට ජනතාව ලබාදුන් බහුතර බලයට කිංඩියක් දැම්මා.
අලි සබ්රිට ඇමතිකමක් දීම ගැන අපිට ගැටලුවක් නෑ. අලි සබ්රි කියන්නේ කවුද කියන එකයි ගැටලුව. පසුගිය කාලයේ දූෂණය සම්බන්ධයෙන් ගොනු කළ නඩුවලට පෙනී සිටියේ අලි සබ්රි මහතායි.
මුදල් ඇමති මහින්ද, ආරක්ෂක ගෝඨාභ තරුණ කටයුතු නාමල්, මුදල් වියදම් කරන්නේ බැසිල්, කෘෂිකර්මයට වතුර දෙන්නේ චමල්.
ජල සම්පාදන ඇමතිට අවුරුදු 81යි, වාරිමාර්ග ඇමතිට අවුරුදු 77යි, අධ්‍යාපන ඇමතිට 74යි. අලුතෙන් හිතන්න පත්කරපු කැබිනට් මණ්ඩලයේ ඉන්නේ අවුරුදු 65ට වැඩි අයයි."
popular news
-
pasindu Thursday, 13 August 2020 02:25 PM
අනේ ඩිජිටල් ඇමතියෝ උඔල කරපු කාගේ කලේ මොනවද කියලා හා 2015 විද්‍යාත්මක ඇමති මණ්ඩලය ගැන අපට අමතක නෑ. තොපි රට විනාශ කරපු එක විතරයි කලේ. රටේ දියුණුවට කල මගුලක් නෑ. දැන් කටවහන් හිටු ජනතාව බලය දීල තියෙන්නේ රට හදන්න මෙයාල එක නොකලොත් ඊළඟ සැරේ අපි එයාලටත් පාඩම කියලා දෙන්නම්.
Reply : 0 0
Dammika Pereera Thursday, 13 August 2020 02:36 PM
Are you remember the your ministry ... digital
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

