බහලු වරායන් අතර කොළඹ වරාය ලෝකයේ 17 වැනි ස්ථානයට
එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධන සමුළුව මගින් ප්‍රකාශයට පත් කරන ලද 2026 ජුනි මාසය සඳහා වූ නෞකා සේවා සම්බන්ධතා දර්ශකයට අනුව, ලොව වඩාත්ම සම්බන්ධිත බහලු වරායයන් අතර කොළඹ වරාය 17 වැනි ස්ථානයට පත්ව තිබේ.
එහිදී කොළඹ වරාය ලකුණු 719.11ක් ලබා ගැනීමට සමත් වී ඇත. නොවැම්බර් 26 වැනි දින නිකුත් කරන ලද 2026 වාර්තාවේ ඇතුළත් මෙම ශ්‍රේණිගත කිරීම තුළින්, ජාත්‍යන්තර නෞකා සේවා සම්බන්ධතාව අතින් ලොව හොඳම වරායයන් 20 අතරට කොළඹ වරාය ඔසවා තබන අතර, ගෝලීය සමුද්‍රීය වෙළෙඳාමෙහි ශ්‍රී ලංකාව සතු වැදගත්කම එමගින් ඉස්මතු කර දක්වයි.
නැගෙනහිර සහ ගිනිකොණ දිග ආසියාවේ ප්‍රධාන ජාත්‍යන්තර නාවික කේන්ද්‍රස්ථාන රැසක් පිහිටා තිබීම සැලකීමේ දී ගෝලීය ශ්‍රේණිගත කිරීම් තුළ කොළඹ වරාය හිමිකරගෙන ඇති මෙම ස්ථානය විශේෂ වැදගත්කමක් උසුලයි. ෂැංහයි වරාය ලකුණු 2,372.47ක් ලබා ගනිමින් ලැයිස්තුවේ පෙරමුණ ගත් අතර නිංබෝ වරාය (2,040.69) සහ සිංගප්පූරු වරාය (1,833.94) පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකර ගෙන ඇත.
මැලේසියාවේ ක්ලැංග් වරාය ලකුණු 1,075.80 ක් සමග 7 වැනි ස්ථානයට පත් වූ අතර, තායිලන්තයේ ලේම් චබෑන්ග් වරාය ලකුණු 743.29 ක් සමග 16 වැනි ස්ථානය හිමිකර ගෙන තිබේ.
කොළඹ වරාය 17 වැනි ස්ථානයට පත්වූයේ ජපානයේ යොකොහමා වරාය (18 වන ස්ථානය) සහ ජර්මනියේ හැම්බර්ග් (20 වැනි ස්ථානය) යන වරායයන් අභිභවා යමිනි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
