ශ්රී ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහා ආසන 32-35 නව බස් රථ 500ක් හා ශ්රී ලංකා පොලීසිය සඳහා ජිප් රථ 750ක් මිලදී ගැනිම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මෙම වාහන මිලදි ගැනීම ඉන්දිය ණය යෝජනා ක්රමයක් යටතේ සිදුවෙයි. බස් රථ 500 අශෝක් ලේලන්ඩ් සමාගම හරහා සිදුකිරිමට නියමිතව තිබේ.
ජීප් රථ 750 ඉන්දියාවේ මහීන්ද්රා සමාගමෙන් මිලදී ගැනීමට නියමිත අතර එම ජීප් රථ 750න් 150ක් පොලිස් විශේෂ කාර්ය බළකාය වෙත ලබාදිමට නියමිතය.