අනීෂා මානගේ
බස්රථවල ගාස්තු වැඩිකිරීමට කිසිසේත්ම ඉඩ නොදෙන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.
මහින්ද අමරවීර මහතා මෙසේ පැවසූයේ අද(19) අඟුණකොළපැලැස්සේදී මාධ්‍ය වේදීන් විමසූ ප්‍රශ්නවලට පිලිතුරු දෙමිනි.
අමාත්‍යවරයා මෙසේද පැවසුවේය.
කිසිසේත්ම බස්රථවල ගාස්තු වැඩි කරන්න ඉඩ දෙන්න පුළුවන්කමක් නැහැ. බස් හිමියන්ට ගැටලු තිබෙනවා. ඔවුන්ගේ ආදායම අඩු වීම ගැන අපි සාකච්ඡා කර තිබෙනවා. ඔවුන්ට වෙනත් සහන ලබා දෙන්න රජය විදියට අපි පියවර ගන්නවා.කෙසේ වුවද බස් ගාස්තු වැඩි කරන්න කිසිසේත්ම ඉඩ දෙන්න පුළුවන්කමක් නැහැ. බස්වල ගමන් කරන අයටත් ආර්ථික ගැටලු තිබෙනවා. බස් සංගම්වල ඉල්ලීම් පරිදි සැලකිය යුතු ප්‍රමාණයක් අපි ඉෂ්ඨ කර තිබෙනවා. ඔවුන්ට අපි කරුණු පැහැදිලි කරදී තිබෙනවා. ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සියල්ල සූදානමින් ඉන්නවා ජනතාව ප්‍රවාහනය කරන්න.
ආසන සංඛ්‍යාව අනුවයි මගීන් ප්‍රවාහනය කරන්න සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී තිබෙන්නේ. කාර්යාල වේලාවන්වලදී මේ තත්ත්වය වෙනස් වී ඇතැයි තොරතුරු අනාවරණය වී තිබෙනවා. නමුත් සාමාන්‍ය වේලාවන්වලට ආසන ගණනටවත් මගීන් නැහැ. සෞඛ්‍ය අංශයට පටහැනිව කටයුතු කරන අයට නීතිමය පියවර ගන්න පොලිසියට බලය තිබෙනවා යැයිද කීවේය.
