බස්නාහිර - දකුණු පළාත් සභා ඡන්ද විමසීම අවසන්
(UPDATE) බස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්ද විමසීම අවසන් විය. ඡන්ද විමසීම අද පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්විණි.
මෙහිදී, කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්රික්ක අයත් වන බස්නාහිර පළාත් සභාවට සභිකයන් 102ක් තෝරා ගැනෙති. ඒ කොළඹින් 40ක්, ගම්පහින් 40ක් හා කළුතරින් 22ක් ලෙස මන්ත්රී ධුර තෝරා පත්කර ගනිමිනි.
බස්නාහිර පළාත සඳහා ඡන්දදායකයන් 4,024,623ක් ලියාපදිංචි වී සිටිති.
ඒ කොළඹට 1,552,733ක්, ගම්පහට 1,590,076ක් හා කළුතරට 881,814ක් ලෙසිනි.
දකුණු පළාත් සභාව සඳහා සභිකයන් 53 දෙනෙකු තෝරා පත් කර ගන්නේ ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්රික්ක වෙනුවෙනි. මෙහිදී ගාල්ලෙන් 22ක්, මාතරින් 17ක් හා හම්බන්තොටින් 14ක් ලෙස මන්ත්රී ධුර තෝරා පත්කර ගැනෙති.
දකුණු පළාත සඳහා ඡන්දදායකයන් 1,873,804ක් ලියාපදිංචි වී සිටිති.
ඒ ගාල්ලට 809,882ක්, මාතරට 608,524ක් හා හම්බන්තොටට 455,398ක් ලෙසිනි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

